‍සෙල්ෆි බෑ කියලා



ඉන්දියාවේ නිල සංචාරයේ නිරත වූ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් ⁣නෙතන්යාහු හමුවීම බොලිවුඩයේ සුපිරි ඛාන් ත්‍රිත්ත්වය වන ආමීර් ඛාන් , ෂාරුක් ඛාන් සහ සල්මාන්ඛාන් විසින්  පප්‍රතික්ෂේප  කර ඇතැයි බොලිවුඩයෙන් වාර්තා වේ.

ඊශ්‍රායල් අගමැති ගේ ඉන්දීය සංචරය අතරතුර එතුමා ට ලබා දුන් රාත්‍රී ⁣භෝජන සංග්‍රයකදී ඔවුන් තිදෙනා ඔහු මුණ ගැසීම ප්‍රතික්ෂේප කර ඇත.

පලස්තීනුවන් සදහා නෙතන්යාහු ගේ රජය සිදු ක⁣රන කෘර වද හිංසාවට හෙළා දකිමින් ඔවුන් තිදෙනා මෙම හමුවීම ප්‍රතික්ෂේප කර ති⁣බේ.විශේෂයෙන් ම පලස්තීන ළමුන්ට සහ කාන්තාවන්ට කරන වද හිංසාව හේතුන් මත ඔවුන් ⁣තිදෙනා මෙම හමුවීම බැහැර කර ඇත

සුපිරි ඛාන් තත්‍රිත්ත්වය නෙතන්යාහු මුණ ගැසීම ප්‍රතික්ෂේප කළද බොලිවුඩයේ සුපිරි තරු පවුලක් වනඅමිතාබ් බච්චන් , අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි ඔහු හමුවී ඇත.

බච්චන් පවුලේ අය ⁣සිය හිතවතුන් සමගින් ඊශ්‍රායල් අගමැති සහ එම ආර්යාව  සමග සෙල්ෆි ඡායාරෑප ⁣ගැනීමට අමතක නොකළේය.

( තිළිණි  ද සිල්වා )
මුස්ලිම් මිර්ර් ඇසුරෙනි

RECOMMEND POSTS