ළමයි එක්ක නටන විදුහල්පති !



නර්තනයේ යෙදෙන විදුහල්පතිවරයෙක් පිළිබද පුවතක් චීනයෙන් වාර්තා වෙයි. 

පාසල් සිසුන් සමඟින් එක්වී නර්තන විලාසයක නිරත වන අපූරු විදුහල්පතිවරයෙක් පිළිබද පුවතක් මෙසේ චීනයෙන් වාර්තා වෙයි.

උතුරුදිග ෂාන්සි පළාතේ ප්‍රාථමික පාසලේ උදෑසන ව්‍යායාම අතරතුර මේ නර්තනය ඉදිරිපත් වන බව සදහන් වුණි.චීන අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය මත දිනකට මිනිත්තු 25ත් 30ත් අතර කාලයක් පාසල් සිසුන් සඳහා ව්‍යායාම කිරීමට නිර්දේශකර තිබේ.

පාසල් ළමුන් අතර ව්‍යායාම සඳහා වන අවධානය වැඩි කිරීමට අදාළ නර්තනය නිර්මාණය කල බවට විදුහල්පතිවරයා පවසා ඇත.

පාසලේ සිසුන් 700කට වැඩි පිරිසක් සිටීම හේතුවෙන් නර්තනයේ නිරතවීම සඳහා ඔවුන්ට මෙම පාසලේ පිටිය ප්‍රමාණවත් නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසා ඇත.

( තිළිණි ද සිල්වා )

චයිනා ඩේලි ඇසුරෙනි.


RECOMMEND POSTS