හෙදියෝ 16 ක් ගැබිනියෝ



ඇමෙරිකාවේ අරිසෝනා ජනපදයේ මේසා නගරයේ රජයේ ප්‍රධාන රොහලේ හෙදියන් 16 දෙනකු ගැබිනියන් වී සිටින බව වාර්තා වේ.

16 දෙනාගෙන් වැඩි දෙනකු මෙම සැප්තැම්බරයේත් සෙසු පිරිස ජනවාරියේත් ප්‍රසූත නිවාඩු යනු ඇති බව පැවැසෙයි.

ගැබිනියන් වූ හෙදියන්ගෙන් වැඩිදෙනා හදිසි සත්කාර ඒකකට සම්බන්ධ හෙදියන් යැයි ද පැවැසෙයි.

එකවර හෙදියන් බොහෝ දෙනකු ගැබිනියන් වී, නිවාඩු යෑම ගැටලුවක් වී ඇති බවත්, ඔවුන්ගේ අඩුව පිරවීමට නව හෙදියන් බදවා ගැනීම කළ යුතුව ඇති බවත් රෝහලේ බලධාරීන් පවසා ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS