හිපෝ පහර දීලා



කෙන්යාවේ වනෝද්‍යානයකදී හිපෝ ප්‍රහාරයකට ලක් වීමෙන් තායිවාන ජාතික සංචාරකයකු ජීවිතක්ෂයට පත්වුණැයි වාර්තා වේ.

ජීවිතක්ෂයට පත් වූයේ 66 හැවිරිදි චැංග් මිංග් චොන්ග් නමැත්තාය. මොහු නයිරෝබි නුවර සිට කිලෝ මීටර් 90 ක් දුරින් පිහිටි නයිවාෂා විල ආශ්‍රිතව හිපෝ සතුන් නරඹමින්, උන්ගේ ඡායාරූප ගැනීමට කිට්ටු වෙද්දී ප්‍රහාරයට ලක් වුණු බව පැවැසෙයි.

පහර දීම කළ හිපෝ චැංග් මිංග් චොන්ග්ගේ පපුව සපා කෑ බව ද පැවැසෙයි. තවත් තායිවන සංචාරකයෙකු චැංග් මිංග් චොන්ග් බේරා ගැනීමට උත්සාහ ගෙන ඇති අතර හිපෝ ඔහුට ද පහර දුන් බව පැවැසෙයි.

මෙම විල අසලදී මීට පෙර ද හිපෝ ප්‍රහාරවලින් සංචාරකයන් මියගොස් ඇති බව කෙන්යා වනජීවී නිලධාරීහු පවසති.

(රොයිටර්)

 


RECOMMEND POSTS