සෙල්ෆි ගත් මාධ්‍යවේදියා !



සිය සෞදි සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රධානත්වයෙන් රියාද් නුවර ඉකුත්දා  පැවති ගල්ෆ් කලාපීය රටවල අරාබි සහ මුස්ලිම් නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු විශේෂ සමුළුවේදී හිතන්නේ නැතිව ලැබෙන අපූරැ අවස්ථාවක් හිමිවූ පුද්ගලයෙක් ගැන ඕමාන සමජා ජාල මාධ්‍ය වාර්තා වලින් සඳහන් වේ.

මෙම පුද්ගලයා එසේ මෙසේ පුද්ගලයෙක් නොමෙයි.ඔහු ඕමාන මාධ්‍යව්දියෙක් දැඩි ආරක්ෂිත රැකවල් මැද පැවති මෙම විශේෂ සමුළුවේදී මේ ඕමාන මාධ්‍යවේදීයා හිතේ හැටියට ඊට සහභාගී වූ ලෝක නායකයින් සමඟ ගත් සෙල්ෆි ඡායාරූප නිසා මෙලෙස සමාජ මාධ්‍ය ජාල ඔහු ගැන වැඩියෙන් කතා කරන්න පටන් අරන්.

මොහු ඩොනල්ඩ් ට්‍රම්ප් ,ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් ,අබුඩාපි ඔටුන්න හිමි අල් නයාන් කුමරු ,සෞදියේ සල්මන් රජතුමන් , ඊජිප්තු ජනපති අල් සිසි , පලස්තීන් ජනපති මොහොමඩ් අබ්බාස් , බහරේනයේ අල් කළීෆා රජතුමන් ඇතුළු සියලුම් පැවති ගල්ෆ් කලාපීය රටවල අරාබි සහ මුස්ලිම් නායකයන් සමඟ සෙල්ෆි චායාරෑප ගෙන තිබීම විශේෂත්වයකි.

මොහු ඒවා සමාජ ජාල වෙත මුදා හැරීමත් සමඟ අරාබි කලාපය තුළ දැන් වඩාත් ප්‍රචලිත මාධ්‍යවේදියා බවට ඔහු පත්ව ඇත.

මෙම ගල්ෆ් රටවල්  නායකයන් අමතමින් ජනපති ට්‍රම්ප්, ‘ඉස්ලාම් දහම’ ගැන විශේෂ දේශනයක් ද පැවැත්වූ අතර ඒ හේතුවෙන් මෙම විශේෂ සමුළුව ලොව කාගේත් අවධානයට ලක් විය.

තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS