සැමියට වඩා හරකා හොඳා



විවාහ නොවී, ගොන් පොර සටන්වලට දක්ෂ සන්දන්ත ගවයකු ආදරයෙන් බලා ගන්නා කාන්තාවක ගැන දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වේ.

කනගරාසු නමැති මෙම කාන්තාව මේ වනවිට 48 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇගේ පවුලේ අය පෙන්වා දෙන්නේ ඇය ඇගේ ගවයාට බොහෙවින් ආදරේ කරන බවය. ඇගේ මෙම ගවයා ‘රාමු’ ය. උගේ වයස අවුරුදු 18 ක් බව ද පැවැසෙයි.

තමිල්නාඩුවේ ගොන්පොර ක්‍රීඩාව හැඳින්වෙන්නේ ජල්ලිකත්තු යන නමිනි. ප්‍රාන්ත මට්ටමින් තරග පැවැත්වෙන අතර, ජයග්‍රාහී ගවයාගේ හිමිකරුට හෝ හිමිකාරියට ලොකු තෑගි මුදලක් ද පිරිනැමෙයි.

කෙසේ නමුත් සත්ව හිංසනයක් සිදුවන්නේ යැයි සත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන මැදිහත්වී දැක්වූ විරෝධය හේතුවෙන් ප්‍රාන්ත රජය පසුගිය දෙවසරක කාලයේ ජල්ලිකත්තු ක්‍රීඩාව පැවැත්වූයේ නැති බව ද ඉන්දීය පුවත් සේවා මතක් කර දෙයි. දැන් යළි එම ක්‍රීඩාව දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS