සරුංගල් යැවූ 3,700 ක් අත්අඩංගුවට



පාකිස්තානයේ පන්ජාබ් නුවර පොලිසිය, සරුංගල් යැවීමේ නියැලුණු 3,700 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එන්.ඩී.ටීවී. පුවත් සේවා වාර්තා කරයි.

පාකිස්තානයේ බසාන්ත් නමින් සරුංගල් සැණකෙළියක් පසුගිය වසර කිහිපය පුරාවට පැවැත්විණි. මෙම සැණකෙළිය අතරතුරේ, සරුංගල්වලට යොදා ගන්නා නූල් පැටැලීමෙන් මරණ රැසක් සිදුවී ඇත.

මේ හේතුව නිසා පන්ජාබ් ප්‍රාන්තයේ ‘බසාන්ත්’ සරුංගල් සැණකෙළිය තහනම් කර ඇති අතර, සරුංගල් යැවීම ද තහනම්ය. ඒ අනුව, පසුගිය සතිය පුරා සරුංගල් යැවීම කළ පුද්ගලයන් 3,700 දෙනකු පන්ජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ යැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

ලාහෝරයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS