සරාගී කතුන්ට අවදානය



පාපන්දු ලෝක කුසලාන අතරවාරයේදී ලිංගිකත්වය පදනම් කරගනිමින් සිදුවන වෙනස්කම් නැවැත්වීම සඳහා ‘සරාගී කාන්තාවන්’ට වැඩි අවදානයක් නොදෙන්නැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විකාශන සේවාවලට නියෝග කර තිබුණි.

මේ අනුව ‘සරාගී කාන්තාවන්’ වැඩි වශයෙන් නොපෙන්වන්නැයි ද ඒ දෙසට වැඩි වැඩියෙන් කැමරා එල්ල නොකරන්නැයි ද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලෝක කුසලානය විකාශය කරන්නන්ට නියෝගනියෝග කර තිබුණි.

ලිංගික ජවනිකාවල පෙනි සිටී  හිටපු ‘පෝන් ස්ටාර්’ නිළියක වන නතාල්යා නෙම්චිනෝවාට මෙහිදි වැඩි අවධානයක් යොමු වූ ඇතර ඇය පාපන්දු ලෝක කුසලානයේ සිටි සරාගීම ප්‍රේක්ෂිකාව යනුවෙන් ද නම් කර තිබිණි.

එමෙන්ම මෙහිදි එංගලන්ත, ක්‍රොඒෂියා සහ ප්‍රංශ පාපන්දු ක්‍රීඩාකයන්ගේ බිරින්ඳෑවරුන්ට සහ පෙම්වතියන්ට ද වැඩි අවධානයක් යොමු වූ තිබිණි. පාපන්දු තරග අතරවාරයේදී ඔවුන් දෙසට වැඩි වශයෙන් කැමරා යොමු විය.

මේ තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ විවිධත්වය සම්බන්ධයෙන් කටයුතු කරන අංශයේ ප්‍රධානි ෆෙඩ්රිකෝ අඩිචී මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ‘සරාගී කාන්තාවන්’ දෙසට කැමරා එල්ල කිරීම නවත්වන්නැයි නිල විකාශන සේවාවලට පවසා ඇත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රතිපත්ති සහ සම්මතවලට අනුව ලිංගිකත්වයක් පදනම් කරගනිමින් සිදුවන වෙනස්කොට සැලකීම්වලට කිසිදු ඉඩක් නැතැයි ෆෙඩ්රිකෝ පවසා තිබේ.

‘ස්වාධීන විකාශයන්ට මෙන්ම අපේ සත්කාරක සහ සම්මේලනය සමඟ කටයුතු කරන විකාශන සමාගම්වලට අපි මේ බව දැනුම් දී තිබෙනවා” යනුවෙන් ද ෆෙඩ්රිකෝ සඳහන් කර තිබේ. ‘වැරැදි දේවල්වලට එරෙහිව අපි පියවර ගන්නවා’ යැයි ද ෆෙඩ්රිකෝ තවදුරටත් පවසා ඇත.

හර්ෂණ තුෂාර

ඬේලිමේල්


RECOMMEND POSTS