විපතට පත් කැස්බෑවාට පිහිට



ඔස්ට්‍රේලියාව අසල පිහිටි  ටැස්මේනියාවට ඔබ්බෙන් මුහුදේ ධීවරයන් පිරිසකට පසුගිය දා ‘ඔළුගෙඩි කැස්බෑවෙක්’ (කණ්ණාඩි කැස්බෑවෙක්) දකින්න ලැබුණි. සෙසු කැස්බෑවන් මෙන් නොව මේ කැස්බෑවාගේ අමුත්තක් දකින්න ලැබුණු නිසා මාළු ඇල්ලීමට යොදා ගන්නා දැලක් භාවිතා කරමින් ධීවරයෝ පිරිස මේ කැස්බෑවා අල්ලා ගත්හ.

මුහුදු කවචයන් හෙවත් බෙලි ඇණයන් සිය ගණනක් කැස්බෑවාගේ කටුවත් සිරුරේත් තැනින්ත තැන වර්ධනය වෙමින් තිබෙනු දකින්න ලැබුණි. මෙම ‘පරපෝෂිතයන්’ නිසා කැස්බෑවා රෝගී වී සිටින්න ඇත්තේ වසර කිහිපයක පටන්ය. සාගරය මතුපිටට පැමිණ පිරිසුදු වාතය ආශ්වාස කිරීමට පවා නොහැකි ලෙස මෙම කැස්බෑවා අසරණ තත්ත්වයකට පත් වී සිටි බව ධීවරයෝ පැවැසූහ.

ධීවරයන් කණ්ඩායම කැස්බෑවා ‘සාගර ජීවීන් සුරැකීමේ’ ඒකකයට බාර දෙනු ලැබූ අතර, එහිදී ඌට ප්‍රතිකාර ලැබුණි. වෛද්‍යවරු කැස්බෑවා එක්ස් කිරණ පරීක්ෂණවලට යොමු කර, පසුව සැත්කම් ආධාරයෙන් බෙලි ඇණයන් ඉවත් කිරීම සිදු කළහ.

 


RECOMMEND POSTS