වයිරසයෙන් බේරෙන්න ගව මුත්‍රා බොන ඉන්දියානුවෝ



ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්, ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරීමට ගව මුත්‍ර පානය කරන බව වාර්තා වේ.

හින්දු ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් කිහිපයක් එක් වී, ගව මුත්‍ර පානය කිරීමේ විශේෂ සාදයක් පසුගිය දා පැවැත්වූ බවත්, ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් සහ පක්ෂ සාමාජිකයන් බොහෝ දෙනකු ද සහභාගී වූ බවත් වාර්තා විය.

ගව මුත්‍රා පානය කිරීමේ විශේෂ සාදය පැවැත් වූයේ නවදිල්ලියේය. එය සංවිධානය කළේ හින්දු ජාතිකවාදී අකීල් භාරත් දේශපාලන කණ්ඩායමය. 

හින්දු බැතිමතුන් ගවයා දේවත්වයෙන් සලකයි. විෂබීජහරණයට ගව මුත්‍ර පානය සහ ගව මුත්‍ර ස්නානය කරන්නේ එහෙයිනි. තමන්ට ඉංග්‍රීසි බෙහෙත් අවශ්‍ය නොමැති බවත්, කොරෝනා පමණක් නොව ඕනෑම වයිරසයකට විසඳුම ගව මුත්‍ර පානය බවත් අකීල් භාරත් දේශපාලන කණ්ඩායමේ ක්‍රියාකාරීහු පැහැදිලි කරති.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS