වයිරස නිසා කොන්ඩෝම් හිඟයක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයත් සමඟ උපත් පාලන කොපුවල හිඟයක් හටගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඊට ප්‍රධානතම හේතු වී ඇත්තේ උපත් පාලන කොපු නිපදවන කර්මාන්තශාලා අඩපණ වී වසා දැමීමත්, උපත් පාලන කොපු බෙදා හැරීමේ ක්‍රියාදාමය ඇණ හිටීමත් ය.

උපත් පාලන කොපු නිෂ්පාදනය සඳහා අවශ්‍ය රබර් සැපැයුම සිදු කරන ලොව ප්‍රධාන රට වන්නේ මැලේසියාවය.

මැලේසියාවේ සියලු කටයුතු මේවනවිට ඇණහිට තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS