ලොව පළමු සෝලා පාර ප්‍රංශයෙන්




 

ඩේලි ටයිම්ස් වෙබ් අඩවිය ඇසුරෙනි...

සූර්යකෝෂ වලින් සැදුම්ලත් ලොව පළමු මාර්ගය ප්‍රංශයේ නෝමැන්ඩි නම් කුඩා නගරයේ විවෘත කර තිබේ.

කිලෝමීටරයක් ඔස්සේ දිවෙන මෙම මාර්ගය සෑදීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබුනේ ප්‍රංශයේ පරිසර අමාත්‍යංශයයි.ඒ සදහා යුරෝ මිලයන 5ක් වියදම් දරා තිබීම විශේෂත්වයකි.දිනකට මොටර් රථ ධාවකයින් 2000ක් එම සූර්කෝෂ මාවතේ යා හැකි වන පරිදි සකසා ඇති අතර එය වසර 2ක් යන තුරැ අත්හදා බැලීමෙන් අනතුරැව මහජනතාවට විවෘත කිරීමට නියමිතය.

Tourouvre-au-Perche නගරයේ වීථි පහන් දැල්වීම සඳහා බලශක්තිය ජනනය කරන මෙම මාර්ගය මගින්, මහා පරිමාණයෙන් එවැනි ව්‍යාපෘති දියත් කළ හැකිදැයි නිර්ණය කෙරෙනු ඇත.

පරිසර හිතකාමී වීම හා නිෂ්පාදක වියදම් අඩු වීම හේතුවෙන් සූර්යකෝෂ බලශක්ති නිෂ්පාදනය ලොවපුරා ජනප්‍රිය වෙමින් පවතියි.

 

තිළිණි ද සිල්වා 

 


RECOMMEND POSTS