ලොව උණුසුමින් වැඩිම තැන ඇමෙරිකාවේ



ලොව උණුසුමින් වැඩිම ස්ථානය ලෙස ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ‘ඩෙත් වැලි (මරණයේ නිම්නය) ජාතික වනෝද්‍යානය’ ගිනස් වාර්තා අතරට එක් වනු ඇති බවත්, අද වනවිට ‘ඩෙත් වැලි’ නිම්නයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 130 ක් (සෙල්සියස් අංශක 59) දක්වා ඉහළ ගිය බවත් වාර්තා වේ.

‘ඩෙත් වැලි’ නිම්නය ඇමෙරිකාවේ ජාතික වනෝද්‍යාන අතරට එක් වුවත්, මෙය ගස්වලින් පිරුණු තැනක් නොවන අතර, මෙය වියලි කාන්තාරමය ප්‍රදේශයකි. ඇමෙරිකාවට අවේණික සත්ව විශේෂ කීපයක් මෙම වනෝද්‍යානයේ වාසය කරති.

තැනින් තැන දක්නට ඇත්තේ කටු පදුරු පමණි. නිම්නයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 130 පසු කළ බව ඇමෙරිකා ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ, වනෝද්‍යානයේ නිලධාරිනියක වන බ්‍රැන්ඩි ස්ටුවට්ය.

ෆුරන්ස් ක්‍රීක් (රොයිටර්)


RECOMMEND POSTS