රෝද සපත්තු පැළඳි මනාල ජෝඩුව



පතිකුලයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටිනා තරුණ යුවළකගේ එකම අරමුණ වන්නේ ඉතා උතකර්ෂවත් අන්දමින් විවාහ උත්සවයක් ගැනීමයි.එලෙස තමන්ගේ ජීවිතයේ වැදගත්ම දෙයක් වූ විවාහ උත්සවය ඉතා අපූර්ව ආකාරයෙන් සැමැරූ අපූරු යුවළක් ගැන සෞදියෙන් වාර්තා වේ.

ඒ රෝද සපත්තු පැළඳ (රෝලර් ස්කේට්ස්) තම විවාහ මංගල්‍යයට සහභාගී වූ යුවළක් ගැනය.වෘත්තීයෙන් රෝලර් ස්කේටර්වරයෙකු වූ හුසේන් බින් මහෆූඩ් සහ ජෙඩා විශ්ව විද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පය හදාරන සිසුවියක වූ හනාන් අල් රීමි පෙම් බඳීන්නට පටන් ගන්නේ 2012 වසරේ සිටය.

දැඩි ආගමික පරිසරයකින් යුතු සෞදි සමාජය තුළ කාලයක් තිස්සේ තමන් සිත තුළ පවතිනා සිහිනයක් සැබෑ කරගන්නට අවස්ථාව ලැබේදැයි යන දෙගඩියාවෙන් හුන් මේ යුවළට රෝද සපත්තු පැළඳ තම විවාහය ගැනීමේ ආසාව එන්නේ මනාලයා වූ හුසේන් ගෙනි.ඒ ප්‍රංශයේ යුවළක්ද මෙවැනි ආකාරයෙන් රෝද සපත්තු පැළඳ විවාහය ගැනීඹත් සමඟිනි.

කෙසේවෙතත් මේ අපූරු ආසාවට මේ පෙම් යුවළගේ පවුල් දෙකෙන්ම අවසරය ලැබීමත් සමඟ අපූරු සේම ,බොහොම ප්‍රේමනීය විවාහ උත්සවයක් ගන්නේ ඉකුත් සතියේදීය.මේ යුවළගේ නිර්භීත ක්‍රියාව සෞදියේ සමාජ ජාල සේවා පරීශීලකයින් බොහෝ දෙනෙකු නව යුවළට සුබපතමින් එය අගය කරනු ලබන්නේ නිර්භීත ක්‍රියාවක් සේ සලකමිනි.

සෞදියේ විවිධ විවේක උද්‍යානයන් හි දැකිය හැකි සුලබ දසුනක් වන්නේ මෙවැනි රෝද සපත්තු පැළඳ ක්‍රීඩාවේ නිරත වන තරුණ පිරිස්ය.එම ක්‍රීඩාව ඒ තරමටම සෞදි ජාතියින්ගේ හිත් බැඳ ගත්තකි.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS