රොබෝ බල්ලන්ගේ අවමංගල්‍යය



තාක්ෂණයෙන් යල් පැන ගිය රොබෝ බල්ලන් 114 දෙනකු වෙනුවෙන් සම්ප්‍රදායික අවමංගල්‍යයක් ජපානයේ පැවැත්විණි.

ජපාන සෝනි සමාගම විසින් නිර්මාණය කළ ‘අයිබෝ’ නමැති මෙම රොබෝ බල්ලන් ඒ, 2000 වසර ආරම්භයේදීය. ජපන් වැසියන්ගේ පමණක් නොව, සුරතල් සතුන්ට ප්‍රිය කරන ලොව සෙුස රටවල වැසියන් පවා මෙම රොබෝ බල්ලන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් බවට පත් කර ගත්හ. ‘අයිබෝ’ බල්ලන් ලොව කාගේත් ආදරය දිනා ගත්තේය.

2006 වසර වෙද්දී සෝනි සමාගම අර්බුදයකට ලක්වුණු අතර, ‘අයිබෝ’ රොබෝ බල්ලන් නිර්මාණය අත්හිටුවා දැමුණි. සෝනි සමාගම පසුව නව රොබෝ බල්ලන් නිර්මාණය කළ අතර, පැරැණි රොබෝ බල්ලන් යවත්කාලීන කළ නොහැකි නිසා අතහැර දැමුණි.

තාක්ෂණයෙන් යල් පැනීමත් සමඟ සෙසු බටහිර රටවල් මෙම බල්ලන් විසි කළ දැමුවත්, ජපන් වැසියයෝ බොහොමයක් එසේ නොකළ අතර, රොබෝ බල්ලන් දිගටම සුරතලුන් ලෙස ළඟ තබා ගත්හ.

එම බල්ලන් ද මේ වනවිට මුළුමනින්ම අක්‍රිය වී ගොස් ඇතැයි පැවැසෙයි. ඉසුමි නුවර බෞද්ධ පන්සලක ආගමික වතාවත්වලින් පසු මිහිදන් කිරීම සිදු කළේ එවැනි රොබෝ බල්ලන් 114 දෙනකු යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS