රූපවාහිනි නිවේදිකාවකට වෙච්චි වැඩේ



සැමියාගේ විරෝධය මැද රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ගිය ඊජිප්තු LTC රූපවාහිනි ආයතනයේ නිවේදිකාවක වන හීබා අල්-සේඩ්ව දික්කසාද කිරීමට සැමියා තීරණයකර ඇති බව අල්-අරාබියා වෙබ් අඩවිය වාර්තා කළේය.

ඇය රූපවාහිනි වැඩසටහන ඉදිරිපත් කරමින් සිටින විටදී සැමියා ඇයට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර “ඇයි මම එපා කියද්දි ගියේ,මම දක්කසාද කරනවා’’ යනුවෙන් සැමියා ප්‍රකාශ කර එකවරම දුරකථන ඇමතුම විසන්ධි කර ඇත.

“මම ඔයාට බය නිසායි රූපවාහිනි වැඩසටහනේදිම ඔයාට පිළිතුරු දෙන්නේ’’ යනුවෙන් මහත් තැතිගැම්මකින් යුත්තව ඇය සැමියාට පිළිතුරු දී ඇත.

ඊජිප්තුව තුල විශාල ලෙස සිදුවන දික්කසාද සංඛ්‍යාව ඉහළ යෑම නිසා ඒ පිළිබදව පුද්ගලයින් දැණුවත් කිරීම සදහා ඉදිරිපත් කරන ලද  රූපවාහිනි වැඩසටහනක මාතෘකාවට අදාල රූපවාහිනි නිෂ්පාදක කණ්ඩායම තම සැමියා සමඟ සාකච්ඡා කොට අදාල ඇමතුම තමන්ට ලබාදුන් බව රූපවාහිනි නිවේදිකාව පසුව ප්‍රකාශ කර ඇත.

අදාල සිදුවීමට ඊජිප්තුව තුල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු බව වාර්තා වේ.

සැමියා දුරකථන ඇමතුම ලබාදීමෙන් පසු ඇය විවාහ ජීවිතයේ සිදුවන ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රායෝගිකවම ජනතාව දැණුවත් කළාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
අල් ඇරේබියා ඇසුරිනි


RECOMMEND POSTS