රුසියාවෙන් අයිස් ක්‍රීම් වාර්තාවක්



රුසියාවේ උසින් වැඩිම ස්ථානයක පිහිටි අයිස් ක්‍රීම් නිෂ්පාදනාගාරය ලෙසින් වාර්තා අතරට එක්වීමට මොස්කව් නුවර පිහිටි ක්‍රිස්තායා ලිනියා නම් අයිස් ක්‍රීම් නිෂ්පාදන ආයතනය සමත් විය.

මේ අනුව අදාළ ආයතනයට රුසියානු වාර්තා පොතට එක්වීමට හැකිවීම
විශේෂත්වයක්.

මොස්කව් නුවර පිහිටි ෆෙඩරේෂන් ටවර් නම් ගගනචුම්බන කුලුණක 89වැනි මහලේ පිහිටුවා ඇති මේ ආයතනයේ නිපදවන අයිස් ක්‍රීම්වල රස බැලිමට එහි පැමිණි පිරිසට අවස්ථාවද හිමි විය.

අයිස් ක්‍රීම් රස බලමින් මොස්කව් නගරයේ අංශක 360ක දෘෂ්ටියක් දැකගැනීමට හැකියාව ඇති නැරඹුම් පීඨිකාවක්ද මේ අයිස් ක්‍රීම් ආයතනය සතුයි.

පැයකට අයිස්ක්‍රීම් කෝන් දහස් ගණනක් නිපදවීමේ ශක්‍යතාවක් සහිත යන්ත්‍රෝපකරණ සතු මේ අයිස්ක්‍රීම් ආයතනය පිහිටුවා ඇත්තේ මේ වසරේ අප්‍රේල් මාසයේදීයි.

පොලොවේ සිට මීටර් 330ක උසින් පිහිටි අයිස්ක්‍රීම් ආයතනයේ සිටිමින් හිම කිරමක රසබැලීමට අවස්ථාව හිමිවීම අපූරු අත්දැකීමක් බව පැමිණි සිටි පිරිස් පැවසීය.

( තිළිණි ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS