යෝධ පිළිකා ගෙඩියක් ඉවත් කරයි



ඩුබායි ලතීෆ් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් වයස අවුරුදු 40ක ඩුබායි කාන්තාවකගේ උදරයේ තිබී කි:ග්‍රෑ 17.5ක් බව පිළිකා ගෙඩියක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මෙවැනි රෝගි තත්ත්වයක් ඩුබායි රටේ පමණක් නොවේ මුළු ලෝකයෙන්ම ඉතා කලාතුරකින් දැකිය හැකි බව ලතීෆ් රෝහලේ ප්‍රසව සහ නාරිවේදය අංශයේ ප්‍රධානී, වෛද්‍ය අමල් අල්-කෙද්රා ප්‍රකාශ කළේය.

මෙවැනි තත්ත්වයන් ඇති වීම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඉතා අහිතකර ආකාරයෙන් බලපාන අතර මියයෑමේ සම්භාවිතාවය ඉතා ඉහළ බවත්, ශරීරයේ ක්‍රියාකාරීත්වයට විශාල ලෙස බලපෑම් එල්ල කරන බවත්, හුස්ම ගැනීමේ අපහසුතාවයන් වලට ලක්වීම සහ පෙනහළු වලට බලපෑම් ඇතිවන බවලතීෆ් රෝහලේප්‍රසව සහ නාරිවේදය අංශයේ ප්‍රධානියා ඇරබික් ඩේලි අල්-බයන් පුවත්පතට ප්‍රකාශ කර ඇත‍.

රෝගියාට අධික බඩේ කැක්කුමක් ඇති බව පවසා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට ඇතුලත් වී ඇත.

වෛද්‍යවරුන් රෝගියාව පරීක්ෂා කළ අවස්ථාවේදි ඇගේ හෘද ස්පන්දනය ඉතා ඉහළ අගයක් ගෙන ඇති අතර හිමොග්ලොබින් මට්ටම හතක් දක්වා පහළ වැටී තිබු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වහාම ක්‍රියාත්මක වු වෛද්‍ය කණ්ඩායම රෝගියාගේ පවුලේ සාමාජිකයින්ගේ අනුමැතිය ලබාගෙන

ගර්භාෂය සහ ඩිම්බකෝෂ ඉවත් කරමින් ශල්‍යකර්මය සිදු කර ඇත.

රෝගියාව සම්පුර්ණයෙන්ම නිර්වින්දනය කර පැය 3ක ශල්‍යකර්මයකින් පසු  වෛද්‍යවරුන් උදරය තුල තිබු විශාල පිළිකා ගෙඩිය ඉවත් කිරීමට කටයුතු කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS