මුහුණ දෙන හැටි උගන්වයි



පවතින අධික උණුසුමට සුනඛයන් මුහුණදෙන ආකාරය නිරූපණය කරන සංදර්ශනයක් ලන්ඩන් නුවර දී පසුගියදා පැවැත් විය.

ඩොගී ස්විමින් ගලා නමින් පැවැති මේ මෙම අවස්ථාවට සුනඛයන් රැසක් එක්කර තිබුණි.උණුසුම දරාගැනීමට අපහසුව සිටි සුනඛයින් කිහිපදෙනක් අසළ ජලාශයට බැස පිහිනමින් සිටි ආකාරය විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

තවත් සුනඛයන් කිහිපදෙනෙක් දියමත පාවෙන තැටි මතට නැගී පාවෙමින් සිටියේය.සුනඛයන් දියේ ගිලීයාම වැළැක්වීමට ඔවුන්ට ජීවිතාරක්ෂක කබා පළදවා තිබුණි.

සුනඛයන් රැකබලා ගැනීමේ සංවිධානයක් විසින් පැවැත්වූ මේ විනෝදාත්මක ඉසව්ව කාගේත් අවධානය දිනාගැනීමට සමත් විය.

( තිළිණි ද සිල්වා )

ද ගාඩියන්


RECOMMEND POSTS