මිනීමස් කෑ රුසියන් යුවළ අත්අඩංගුවට



මිනී මස් අනුභව කිරීමට පුරුදු වී සිටි රුසියානු ජාතික යුවළක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත් වී ඇතැයි වාර්තා වේ.

පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ 35 හැවිරිදි වියෙහි පසුවන නටාලියා බක්ෂීවා සහ දිමිත්‍රි බක්ෂීවා යන දෙදෙනාය.

මොවුන් දෙදෙනා ක්‍රැන්ස්නොඩාර් නගරයේ පදිංචිකරුවන් යැයි ද පැවැසෙයි. පසුගිය වසර කිහිපය තිස්සේ නගරයේ පුද්ගලයන් 30 දෙනකු අතුරුදන්ව ඇත. ක්‍රැන්ස්නොඩාර් නගරය පිහිටා ඇත්තේ රුසියාවේ සෝචි නුවරට නුදුරින් යැයි ද පැවැසෙයි.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ නටාලියා සහ දිමිත්‍රි බක්ෂීවා එම 30 දෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු කොටස් අනුභව කර ඇති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS