මාස 3 ක් ගුවන්තොටුපොළේ



අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ පවුලක් තායිලන්තයේ බැංකොක් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මාස තුනක් තිස්සේ රැඳී සිටින බව තායිලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.

මෙම පවුලට වැඩිහිටියන් සිවු දෙනෙක් සහ අවුරුදු 11 ට අඩු දරුවන් සිවු දෙනෙක් අයත් වෙති. මොවුන් බැංකොක් නුවරට පැමිණ ඇත්තේ පසුගිය මැයි මාසයේය.

ඉන්පසු බැංකොක් නුවර ගත කළ ඔවුහු ආපසු සිම්බාබ්වේ යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර, බැංකොක් ගුවන්තොටුපොළේ රැඳී සිටිති. ඔවුන් ආපසු සිම්බාබ්වේ බලා යෑම ප්‍රතික්ෂේප කරන්නේ, දේශපාලන පළිගැනීම්වලට ලක් වෙනවා යැයි චෝදනා කරමිනි. මුගාබේ බලයෙන් නෙරපා දැමීමෙන් පසු සිම්බාබ්වේ රාජ්‍යයේ දේශපාලනික අර්බුදයක් නිර්මාණය වී තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS