මහලු කතුන්ගේ බිකිණි තරඟය



වැඩිමහලු කාන්තාවන්ට හා ආත්තම්මලාට වෙන්වූ සුවිශේෂී තරඟයක් ඉකුත්දා චීනයේ පැවැත්විණි.

ඒ 'ද ග්‍රෑන්ඩ් බිකිනි ඉවෙන්ට්' (The Grand Bikini Event) නමින් චීනයේ තියාන්ජින් පළාතේ පැවැත්වුණු එම තරගය වයස අවුරුදු 55 ඉක්මවූවන් සඳහාම වෙන්වුවකි.

තමන්ගේ සිරුර පිළිබඳ විශ්වාසය ඇතිකිරීම මෙන්ම වියපත්වීම කෙරෙහි සුබවාදී ආකල්පයක් ඇතිකිරීම ප්‍රවර්ධනය කිරීම සංවිධායකයින්ගේ අරමුණය.

78 හැවිරිදි මා ජින්ග්, මෙවර ඊට ඉදිරිපත්වූ වයස්ගතම තරගකාරිය වන අතර ඇය පිළිකා කිහිපයකින්ම සුවය ලද්දියකි.ඇය කියා සිටයේ මෙවැනි තරඟයකට සහභාගී වන්නට ලැබීම ඇය ලැබූ ජයග්‍රහණයක් බවය.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS