මනාලිය ගිනි කන්දට වැටුණු මනාලයා බේරාගෙන



යමහල් විවරයකට ඇද වැටුණු නව මනාලයකු මනාලිය විසින් බේරා ගැනීමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.

මනාලයා ක්ලේ චැස්ටියන් වන අතර මනාලිය ඇකෙයිමීය. දෙදෙනා මධුසමය ගතකිරීමට ගොස් සිටියේ ශාන්ත කිට්ස් කැරිබියානු දූපතටය. දූපතේ ඇති අක්‍රිය වූ යමහලක් නරැඹීමට දෙදෙනා වික්‍රමයක යෙදී ඇත.

එම අවස්ථාවේදී පය ලිස්සා ගොස් ක්ලේ චැස්ටියන් යමහල තුළට ඇද වැටී තුවාල ලැබුවේය. හිසට දරුණු ලෙස තුවාල සිදුවිය.

ඇකෙයිමී දරුණු වේදනාවෙන් වමනය කරන්න වූ ඇගේ සැමියා යහමල් විවරයෙන් ගොඩගෙන ඔහු වත්තන් කර ගනිමින් කිලෝ මීටර් 3.2 ක් ඈතින් පිහිටි සංචාරක නිකේතනයට පැමිණ තිබේ.

ඇද වැටීමේදී ක්ලේගේ හිස් කබල පුපුරා ගොස් තිබුණු හෙයින්, ඔහු හෙලිකොප්ටර් ආධාරයෙන් කඩිනමින් ෆ්ලොරීඩාවට ගෙන එන ලදී. බිරිඳ ඇකෙයිමී ද ඔහු අසලින්ම සිටි බව පැවැසෙයි.

‘ඇය ඇත්තටම හරිම අපූරුයි. යමහලට වැටුණු මාව ඇය බැහැලා ගොඩට ගත්තා. මාව කරේ එල්ලා ගෙන ඇය කිලෝ මීටර් ගණනාවක් පහළ පිහිටි නිකේතනයට ආවා’ යැයි රෝහල් ඇඳේ සිට ක්ලේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

(බී.බී.සී.)


RECOMMEND POSTS