මංගල දවසේ රෝහලේ



මංගල උත්සවය අතරතුරේ පුරුෂ ලිංගයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී බරපතළ තුවාල ලැබූ ඊජිප්තු ජාතික මනාලයකු ගැන එරට පුවත් සේවා වාර්තා කරයි.

ටී 56 වර්ගයේ ගිනි අවි  ගෙන අහසට වෙඩි තබමින් මංගල උත්සවයේ ප්‍රීතිය සැමරීම ඇතැම් ඊජිප්තු මනාලයන්ගේ සිරිත වී තිබේ. මෙම අකරතැබ්බ සිදුවී ඇත්තේ එසේ ප්‍රීතිය සමරද්දීය.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි ඔසාමාන් අල් අල්සයිද්ය. අත්වැරදීමකින් අල්සයිද්ට වෙඩි තබා ඇත්තේ 26 හැවිරිදි ඔහුගේ මිතුරකි.

මෙම මිතුරා ද මංගල උත්සවයට සහභාගී වී සිටි අයෙකි. පොලිසිය එම මිතුරා අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි.

(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS