මංගල ඇඳුමක් සොයන 93 හැවිරිදි අත්තම්මා



කැන්බරා නුවරට නුදුරින් මහලු මඩමක ජීවත් වන 93 හැවිරිදි කතක් විවාහ වීමට සූදානමින් සිටින අතර, මංගල දිනය වෙනුවෙන් තමන්ට සුදුසු මංගල ඇඳුමක් තෝරා දෙන්නැයි ඇය ෆේස්බුක් පිටුව හරහා ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට 4,000 කට වැඩි පිරිසක් ෆේස්බුක් හරහා ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි ද වාර්තා වේ. විවිධ ඇයට සුදුසු ඇඳුම් යෝජනා කර ඇත.

සිල්වියා නමැති මෙම මහලු කාන්තාව විවාහ වීමට සූදානම් වන්නේ 88 හැවිරිදි ෆ්‍රැන්ක් නමත්තා සමඟය. ඔහු ද මහලු මඩමේ සිටින අයෙකි. දෙදෙනාගේ මංගල උත්සවය ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය.

(කැන්බරා ටයිම්ස් ඇසුරිනි)

 


RECOMMEND POSTS