බාහුබලී ව්‍යාඝ්‍ර පැටියෙක්



‘බාහුබලී ද කොල්ක්ලූෂන්’ තෙළිඟු සිනමා පටය මේ දිනවල වාර්තා පිට වාර්තා තබමින් තිරගත වෙයි. ‘හින්දු’ සහ තෙළිඟු’ බසින් එළිදැක්වූ මෙම රණකාමී වීර වික්‍රමය හොලිවුඞ් සිනමා බොක්ස් ඔෆිස් වාර්තා අතරට ද එක් වී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘නන්දන්කානන්’ සත්වෝද්‍යානයේ උපත ලැබූ ව්‍යාඝ්‍ර පැටවකු ද ‘බාහුබලී’ යන නමින් නම් කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. අලුත උපන් මෙම ‘බාහුබලී’දැක ගන්න බොහෝ දෙනා සත්වෝද්‍යානයට පැමිණෙන බව ද වාර්තා වේ.

අප්‍රේල් 28 වැනිදා ඉන්දියාවේත් ලොව පුරා සිනමාහල්වලත් තිරගතවීම ආරම්භ කළ බාහුබලී දෙවැනි සහ අවසන් වික්‍රමය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 1,000 ඉක්මවා ආදායම් වාර්තා තබා ඇතැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS