බ්‍රිතාන්‍ය නිලධාරියා චීන තරුණියක බේරා ගනී



දියේ ගිලෙමින් සිටි චීන සරසවි ශිෂ්‍යාවක් බේරා ගැනීමට සමත් වූ බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වීරයකු ලෙස හඳුන්වා දීමට චීන මාධ්‍ය පියවර ගෙන ඇත.

චීනයේදී විදේශිකයකු, විහේෂයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයකු මෙලෙස වීරයකු ලෙස පිළිගැණුනු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. 24 හැවිරිදි එම සරසවි ශිෂ්‍යාව ගිලෙන්න වූයේ චොංග්චිංග් නගරයේ ගංගාවකට ඇද වැටීමෙනි.

එම අවස්ථාවේ චොංග්චිංග් නගරයේ බ්‍රිතාන්‍ය කොන්සල්වරයා ලෙස රාජකාරි කරන 61 හැවිරිදි ස්ටීපන් එලිසන්, එතැනින් ඇවිද ගොස් තිබේ. රැස්ව සිටි පිරිසගේ කෑකෝ ගැසීම අසා ගං ඉවුරට ගිය එලිසන් ට තරුණිය ගිලෙන අයුරු දකින්න ලැබී ඇත. ඔහු වහා දියට පැන පිහිනා ඇය ගිලෙන්න නොදී බේරා ගත්තේය.

තරුණිය අල්ලා ගනිමින් එලිසන්ට ගොඩට ඒමට රැස්ව සිටි පිරිස උදව් කළ අතර, ජංගම දුරකතන ඔස්සේ පටිගත වූ එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය හරහාත් විදෙස් පුවත් වෙබ් අඩවි හරහාත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

(වීඩියෝ දසුන් - බීබීසී වෙබ් අඩවියෙන්)


RECOMMEND POSTS