බළලුන් තහනම් ගමක්



නවසීලන්තයේ දකුණුදිග වෙරළ තීරයේ කුඩා ගම්මානයක් බළලූන් තහනම් කිරීමට සූදානම් වන බව එරට පුවත් සේවා වාර්තා කරයි.

බළලූන් තහනම් කිරීමේ මෙම තීරණය ගෙන ඇත්තේ ‘ඔමෝයී’ ගම්මානයයි. ගම්මානයේ සෑම නිවසකම පාහේ බළලූන් එකකු හෝ ඊට වැඩි ගණනක් සිටින බව පුවත් වාර්තා පෙන්වා දෙයි.

එම බළලූන්ගෙන් ගම්මාන ආශි‍්‍රතව ජීවත් වන එම පළාතට පමණක් ආවේණික ජීවීන් රැුසකට තර්ජනයක් එල්ල වී ඇත. බළලූන් ගම්මානයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඒ අනුවය. එම යෝජනාව ගම්වැසියන්ට ඉදිරිපත් කර ඇත්තේ නවසීලන්ත පරිසර අමත්‍යාංශයයි.

ඔමෝයි ගම්මානයේ සිටින සියලූ බළලූන් සංගනනය කර ඇති අතර, හිමිකරුවන් ඒ සෑම බළලකුම ලියාපදිංචි කර තිබේ. එම බළලූන් මියගිය පසු ඉදිරියේදී අලූතින් බළලූන් සුරතලයට ඇති කිරීම තහනම්ය.
ඔමෝයි ගම්මානය අවට නවසීලන්තයට පමණක් ආවේණික කුරුල්ලන්, මීයන් හාවුන් වැනි ක්ෂීරපායීන් පමණක් නොව කටුසු විශේෂ රැසකි.

බළලූන්ගෙන් මෙම ජීවීන්ට තර්ජන එල්ල වෙයි. ඇතැම් ජීවීන් මේ වනවිට වදවී යෑමට ද පටන්ගෙන ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. අකමැත්තෙන් වුවත් ඔමෝයි ගම්මානයේ වැසියන් බළලූන් තහනම් කිරීමේ මෙම යෝජනාවට කැමැත්ත දී ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS