බලු සුරතලා ඇවිත් මුත්‍ර කරලා



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, පසුගිය දා, ඉලීසේ පැලස් ජනපති මන්දිරයේදී, රජයේ ඇමැතිවරුන් සහ මාධ්‍යවේදීන් ද පිරිවරාගෙන සාකච්ඡාවක නියැලී සිටිද්දී, ජනපතිගේ බලු සුරතලා ‘නීමෝ’ ඔවුන් අසල ගැවෙසෙමින් මුත්‍ර කිරීමේ සිද්ධියක් ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.

එය මාධ්‍යවේදීන්ට, ඇමැතිවරුන්ට පමණක් නොව, ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට පවා සිනහ උපදවන සිදුවීමක් විය.

ජනපති මැක්රොන් සහ ඇමැතිවරුන් අතරේ සාකච්ඡා කෙරුණේ රජයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙනි. කෙසේ නමුත් අවසානයේ දී කාගේත් වැඩි අවධානය යොමු වූයේ නීමෝ කෙරෙහිය.

නීමෝ යනු ලේබර් ග්‍රිෆොන් වර්ගයේ කලු පැහැති බලු සුරතලෙකි. ජනාධිපති මැක්රොන් නීමෝ ජනපති මන්දිරයට ගෙනෙන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS