බල්ලන්ට කන්න පූසන්ව දැමු පුද්ගලයින්ට වැඩ වරදි



බල්ලන් දෙදෙනෙකුගේ ආහාරය සදහා කූඩුකරන ලද පුසන් දැමූ ආසියාතිකයින් දෙදෙනෙක් සහ එමිරේට්ස් ජාතිකයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

අදාල සිද්ධියට සම්බන්ධ විඩියෝවක් හමුවීමෙන් අනතුරුව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ඩුබායි පොලිස් ප්‍රධානී, මේජර් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල්- මරී ප්‍රකාශ කලේය. 

යම් හෙයකින් ඔවුන් වැරදිකරුවන් වුවහොත් 2016 පනවන ලද අංක 18 දරන නීති ප්‍රකාරව වසරක සිරදඩුවම් විදිමට හෝ එමිරේට්ස් ඩිනාර් 200,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. 

සතුන් යොදාගනිමින් අනවසර විද්‍යාත්මක පරීක්ෂණ සදහා සිරදඩුවම් විදීමට සිදුවන අතර එමිරේට්ස් ඩිනාර් 50,000 සිය 200,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

එමෙන්ම විදේශිය සතුන් යොදාගෙන හිංසාකාරී ක්‍රියාවක නිරතවුවහොත් සිරදඩුවමට අමතරව එමිරේට්ස් ඩිනාර් 500,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් අසුරෙන්)


RECOMMEND POSTS