පෝලන්තයට අකුණු කුණාටුවක්



පෝලන්තයට බලපෑ අකුණු කුණාටුවක් හේතුවෙන් අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් පෝලන්ත අගමැති මැටේයුස් මෙරාවීකි පවසයි.

තුවාල ලැබූ සහ මියගිය බොහෝ දෙනා ජීවොන්ත් නමැති කන්ද තරණය කරන්න ගිය සංචාරකයන් බව ද පැවැසෙයි. අකුණු ප්‍රහාරවලට ලක්වුණු පිරිස් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව ද වාර්තා වේ. මියගිය සිවුදෙනා අතර කුඩා දරුවෙක් ද සිටී.

(රොයිටර්ස්)


RECOMMEND POSTS