පෙම්වතිය පෙම්වතාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී



ඊජිප්තු සූවස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවක් තමන් අතින් සිදු වූ වැරැද්දක් හේතුවෙන් තම පෙම්වතාගේ කැමැත්ත නැවත ලබාගැනීම සඳහා විශාල බැනරයක් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ප්‍රදර්ශණය කරමින්ප්‍රසිද්ධියේ සමාව ගෙන ඇති බව Al Anba පුවත්පත වාර්තා කළේය.

“මට සමා වෙන්න, මම ඔයාව ගොඩාක් රිදෙව්වා, හැමදෙනාම ඉදිරියේ ඔයාගෙන් සමාව ඉල්ලනවා, ඔයාට ගොඩාක් ආදරෙයි’’ යනුවෙන් අරාබි භාෂාවෙන් බැනරයේ ලියා තිබූ බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල නීතිරීතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් ශිෂ්‍යයාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇති අතර ශිෂ්‍යයාවගේ පියා විශ්ව විද්‍යාලයට කැදවු බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS