පෙන්ඩනයක් උගුරේ හිරවෙයි



සෞදි අරාබියේ මාස හතක (07) කුඩා ගැහැණු දරුවෙකුගේ උගුරේ පෙන්ඩනයක් හිර වී තිබු බව වාර්තා වේ.

දරුවා හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයෙන් පෙළෙන නිසා වහාම රෝහල ගත කිරීමට දෙමාපියන් කටයුතු කර ඇත.

වහාම ක්‍රියාත්මක වු කහිබර් මහ රෝහලේ වෛද්‍යවරු දරුවගේ එක්ස්-රේ කිරණ පිටපතක් ලබාගෙන උගුරේ සිර වී තිබු පෙන්ඩනය ඉවත් කිරීමට කටයුතු කර ඇත.

අනිකුත් අවයවවලට හානියක් නොවන ආකාරයෙන් පෙන්ඩනය ඉවත් කිරීමටවෛද්‍යවරුන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇත.

ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු දරුවා රෝහලෙන් පිටව ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS