පුරපති පිජාමා පිටින්ම සමුගනී



ඕස්ටේලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්ත නගරයක පුරපතිවරයකු සිය පිජාමාව පිටින්ම මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් ධුරයෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

මෙසේ ධුරයෙන් සමුගත්තේ පෝල් පිසාසේල්ය.

ඔහු ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේ ඉප්ස්විච් නගරයේ පුරපතිවරයාය. දීර්ඝ කාලයක් පුරාවට පෝල් පිසාසේල් පුරපති ධුරය හොබවා ඇතැයි ද වාර්තා වේ.

තමන් ධුරයෙන් සමුගන්නේ අයපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා තමන් වහාම රෝහල්ගත වන බවත් මාධ්‍ය හමුවේ දී පෝල් පිසාසේල් කියා සිටියේය.

මාධ්‍ය හමුව අවසන් වූ සැණින් ඔහු රෝහල බලා පිටත්ව ගියේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS