පුතාට එන්නත් නොදුන් අම්මා හිරේ



අධිකරණ නියෝගය නොතකා, තම පුතුට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු මවකට දින 7 ක සිරදඬුවම් නියමවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මිචින් ජනපදයේ ඕක්ලන්ඞ් ප්‍රාන්තයේ ෆර්න්ඬේල් නගරයේපදිංචි රෙබෙකා බ්‍රෙඩෝව් නමැති මෙම මව, සිය 9 හැවිරිදි පුතුට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොදීමට තීරණය කර ඇත්තේ සැමියා සමඟ ද සාකච්ඡා කිරීමෙන් පසුව යැයි පැවැසෙයි.

මිචිගන් ප්‍රාන්ත නීතියට අනුව, දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මාපිය කැමැත්තෙන් ප්‍රමාද කළ හැකිය. ඒ, මවගේත් පියාගේ අදහස්වලට ගරු කිරීමක් ලෙසය.

රෙබෙකා බ්‍රෙඩෝව් සිය සැමියාගෙන් වෙන්වී ඇත්තේ 2008 වසරේදීය. එහෙයින් පුතා ස්මබන්ධයෙන් තනි තීරණයක් ගැනීමට රෙබෙකා බ්‍රෙඩෝව් අවස්ථාවක් නොලැබිණි.

පුතාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට අධිකරණය තීන්දු කළ අවස්ථාවේදී රෙබෙකා එය නොසළකා හැර ඇති අතර, ඇයට සිර දඬුවම් නියම කෙරුණේ ඒ අනුවය. පුතා පියාගේ බාරයට පත් කෙරුණු අතර, ඔහුගේ කැමැත්තට අනුව ප්‍රතිශක්ති එන්නත් ලබා දීම සිදු කෙරුණු බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS