පීට්සා සේවකයා ‍බොරු කියලා



 

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දින 6 ක කාලයක් සඳහා ‘ලොක්ඩවුන්’ කිරීමට ප්‍රාන්ත බලධාරීන් සහ සෞඛ්‍ය අංශ තීරණය කළේ ‘පීට්සා’ අවන්හල් කිහිපයක රැකියාව එක එක් තරුණයකු නිවැරදි තොරතුරු සෞඛ්‍ය අංශ වෙත ලබා නොදුන් බැවින් යැයි ඕස්ටේ්‍රලියා මාධ්‍ය වාර්තා කරයි

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දින 6 ක කාලයකට ලොක්ඩවුන් කෙරුණේ පසුගිය 18 වැනිදා සිටය. ඒ වනවිට ආසාදිතයන් 36 දෙනකු හඳුනාගෙන තිබුණු බව ද පැවැසෙයි.
මෙම ‘පීට්සා’ සේවකයා පළමුවෙන් හඳුනාගත් ආසාදියන්ගෙන් කෙනෙකි. මොහු ඇඩෙලේඞ් නගරයේත්, අවට නගර කීපයකත් පීට්සා අවන්හල් කිහිපයක අර්ධ කාලීනය රැකියාව කර තිබේ.

අවන්හල් තුළ සේවකයකු ලෙසත්, පිට්සා රැගෙන නිවෙස්වලට බෙදා හැරිය අයකු ලෙසත් මෙම තරුණයා සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. මෙම තරුණයා ‘පීට්සා’ සමඟ කොරෝනා ද බෙදා හැර ඇති බවට සෞඛ්‍ය අංශ බිය පළ කරයි. ඔවුන් තරුණයාගෙන් ආගිය තැන් විමසා ඇති අවස්ථාවේ ඔහු තොරතුරු වසං කර තිබේ.

තවත් ආසාදිතයන් හමුවීම ඒ අනුව සිදුවුණු බවත්, ඔවුන් හා මෙම පිට්සා තරුණයාගේ කිසියම් හෝ සම්බන්ධයක් සොයා ගැනීමට සිදු කළ විමර්ශනවලදී හැකිවුණු බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

රුණයා මුල් අවස්ථාවේදී නිවැරදි තොරතුරු ලබා දුන්නේ නම්, ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීමට සිදු නොවනු ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාර ස්ටීපන් මාර්ෂන් ද මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. වයිරස ආසාදිතයන් හඳුනා ගනිමින්, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්නැයි ද ආණ්ඩුකාරවරයා ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS