පැය හයකින් බද්ධ කරයි



සෞදි අරාබියේ සේවයේ නිරත වෙමින් සිටියදි රැකියා ස්ථානයේ සිදු වු හදිසි අනතුරක් හේතුවෙන් දකුණු අතේ කොටසක් වෙන් වී ගොස් ඇති අතර පැය හයක සංකීර්ණ සැත්කමකින් පසු වෙන් වී තිබු කොටස නැවත බද්ධ කිරීමට කිංග් ෆහඩ් විශ්වවිද්‍යාල රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඉතා සියුම් ලේ නහර එකට බද්ධ කර ලේ ගමනාගමනය නිසියාකාරයෙන් සිදු වෙනවාද නැද්ද යන්න පරීක්ෂා කරමින් සංකීර්ණ සැත්කම සිදුකිරීමට ශල්‍ය වෛද්‍යවරුන්ට සිදු වු බව වාර්තා වේ. 

කිංග් ෆහඩ් විශ්වවිද්‍යාල රෝහලේ විශේෂඥ වෛද්‍ය, අලි අල්-සෆ්ලාන්ගේ උපදෙස් මත සංකීර්ණ ශළ්‍ය කර්මය සිදු කර ඇත.

වෛද්‍යවරුන්ගේ ඉහළ අත්දැකීම්, දක්ෂතාවයන් මෙන්ම නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම මත සංකීර්ණ සැත්කම සාර්ථක කරගැනීමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂ, මෙහොමඩ් සරානි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS