පැන්ඩා මළ ප්‍රතිචක්‍රීකරණයට



චීනයේ යෝධ පැන්ඩාවන් ගේ මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරන ක්‍රියාවලියකට ලක්කර ටෙයිලට් පේපර්, නැප්කිනි සහ අනිකුත් ගෘහස්ථ නිෂ්පාදනයන් නිපදවීම සඳහා යෝධ පැන්ඩාවන් සඳහා වන චීන සංරක්ෂණ හා පරියේෂණ මධ්‍යස්ථානය, චීනයේ නිරිතදිගසිචුවාන් පළාතේ කඩදාසි නිෂ්පාදන සමාගමක් වන QianweiFengsheng සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කරන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

යෝධ පැන්ඩාවකුගේ රූපයක් සහිතවඉතාමත් අලංකාරවත් ආකාරයෙන්නිෂ්පාදන ඇසුරුම් නිර්මාණය කර ඇති අතර “පැන්ඩා පූ’’ ලෙස නිෂ්පාදනයන් නම් කර ඇත.

නිෂ්පාදනයන් හැකි ඉක්මනින් චීන වෙළඳපලට නිකුත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදුවෙමින් පවතිනබව සමාගම පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS