පැණි රස පිරුණු කෞතුකාගාරය



බ්‍රසීලයේ සාඕ පවුලෝ නුවර පිහිටි කෞතුකාගාරයක් ගැන මේ වන විට සමාජ මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වී ඇත. 

එය හැඳින්වෙන්නේ ස්වීට් ආර්ට් කෞතුකාගාරය ලෙසයි. කාගේත් අවධානයට ලක් වූ තරමක් සුවිශේෂී ආකාරයේ කෞතුකාගාරය ගැන විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොකු කුඩා වයස් භේදයකින් තොරව විශාල පිරිසක් මේ වනවිටත් එය නැරඹීමට පැමිණෙමින් සිටින බවය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි පැමිණෙන අමුත්තන් සතුටු වන ආකාරයට අතිවිශිෂ්ඨ ලෙස නිර්මාණය කර ඇති අයිස් ක්‍රීම් හා වර්ණවත් ස්වරූපයෙන් ප්‍රදර්ශනය කර ඇති පැණි රස කෑම වර්ගවලින් මේ කෞතුකාගාරය පිරී තිබීමයි. 

මෙම කෞතුකාගාරය බ්‍රසීලයේ පළමු ස්වීට් කලා කෞතුකාගාරය ලෙසද සුවිශේෂී වෙයි.මෙහි නිර්මාතෘ කාර්ලා සැන්ටොස් පවසන්නේ එක්සත් ජනපදයේ ජනප්‍රිය වී ඇති පැණි රස කෑම වර්ග ප්‍රදර්ශනවලින් එම අදහස ලබා ගත් බවයි.

තරුණ පරම්පරාවට නවමු අත්දැකීමක් ලබා දීමටත් ජනමාධ්‍ය අවධානය යොමු කර ගැනීමත් අරමුණු කරෙගන මෙය නිර්මාණය කර ඇත. එමෙන්ම මෙය නිර්මාණය කර ඇත්තේ ජනතාවට නිර්මාණශීලී ඡායාරූප ලබා ගැනීමට අවස්ථා ලබාදීමටයි. 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS