පාකිස්තානයට ‘හුරේ’ කී ඉන්දියානුවෝ පොලිසියේ



ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පාකිස්තාන පිල වෙනුවෙන් ඔල්වරසන් දුන් ඉන්දියානුවන් 15 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 19 ත් 35 ත් අතරේ තරුණ තරුණියන් යැයි ද පැවැසෙයි. මෙම පිරිස ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැසියන් යැයි ද වාර්තා වේ.

පාකිස්තාන පිල කුසලානය දිනූ අවස්ථාවේදී මෙම පිරිස ඔල්වරසන් දෙමින්, රතිඤ්ඤා දල්වන්න වූ බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)

 


RECOMMEND POSTS