ප්‍රවෘත්ති කියද්දී කොකෙක් වහලා



සජීවී ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුරේ මැදිරියට ගෙනැවිත් සිටි දුර්ලභ කුඩා කොකකු පියඹාවිත් පුවත් ඉදිරිපත් කළ නිවේදිකාවේ හිසේ වැසීමේ සිද්ධියක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන් දියේගෝ නුවරින් වාර්තා වේ.

මෙම ‘අකරතැබ්බට’ මුහුණ දුන්නේ සැන්ඩියේගෝ නුවර ‘කේ.එෆ්.එම්.බී.ටීවී’ රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදිකා මැදීනාය.එම අවස්ථාවේදී පුවත් නාළිකාව, සැන්ඩියේගෝ සත්වෝද්‍යානය සමඟ එක් වී, සතුන් ගැන වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියේය.

සත්වොද්‍යාන බලධාරීන් පුවත් මැදිරියට සත්වෝද්‍යානයේ සතුන් රැසක් ගෙනැවිත් තිබුණි. නිවේදිකාවගේ හිසේ වැසූ රත් පැහැති ඉබිස් වර්ගයේ කොකා ද එම සතුන්ගෙන් එකෙකි.

පුදුමයකට මෙන්, මැදීනා නමැති එම නිවේදිකාව කොකා ඇගේ හිස මත වැසූ අවස්ථාවේදී ඒ ගැන කලබල වූයේ නැත. අපහසුවට පත්වුවත් ඇය බොහොම සන්සුන්ව එම අවස්ථාවට මුහුණ දුන්නාය. , ඇගේ සහායක නිවේදකයා වූයේ කෙහ්නර්ට්ය. ඔහු ද සිනාසෙමින් ඇයට මුහුණ පෑමට සිදුවුණු ‘අකරතැබ්බ’ රසවින්දේය. මේ වනවිට එම සිදුවීම අන්තර් ජාල ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇත.

(රොයිටර්)

වීඩියෝ දසුන් නැරැඹීම සඳහා පිවිසෙන්න

https://youtu.be/bLQrfxq4Y5Y


RECOMMEND POSTS