ප්ලාස්ටික් කැබලි උදරයේ තිබිලා



සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවර ෆහඩ් රජු රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් වයස අවුරුදු 16ක යෞවනයකුගේ උදරයේ තිබි ප්ලාස්ටික් කැබලි විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ආහාර එතීම සඳහා ගන්නා ප්ලාස්ටික් දවටන, බැලුම්බෝල සහ පාපන්දු කැබලි තිහකට (30) වඩා වැඩි ප්‍රමාණයක් උදරයෙන් ඉවත් කර ඇත. 

උදරයේ වේදනාව, වමනය සහ මානසික ගැටලු හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර පරීක්ෂා කිරීමෙන් පසු ශරීරයට අහිතකර ප්ලාස්ටික් කැබලි උදරය තුල තිබි වෛද්‍යවරුන් සොයාගෙන ඇත.

උදරය තුල තිබු සියළුම ප්ලාස්ටික් කැබලි ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත‍.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS