පනින්නේ නැහැයි කැන්ගරුවා මරලා



චීනයේ සත්වෝද්‍යානයක කැන්ගරුවකු පැන පැන යන්නේ නැතැයි චෝදනා කරමින් ගල් ගසා මරා දමා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම කනගාටුදායක පුවත වාර්තා වන්නේ චීනයේ ෆූෂෝ නමැති සත්වෝද්‍යානයෙනි. කැන්ගරුවාට ගල්වලින් පහර දී මරා දැමීම සිදු කර ඇත්තේ සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්න්න යැයි ද පැවැසෙයි.

කැන්ගරුවාට ගල් ප්‍රහාරය එල්ල වෙද්දී ඌ ආරක්ෂා කිරීමට බලධාරීන් කිසිවකු ඉදිරිපත් වී නැතැයි ද පැවැසෙයි.

ගල් ප්‍රහාරයට ලක් වීමෙන් මියගියේ 12 හැවිරිදි කැන්ගරු ගැහැනු සතකුය. සත්වෝද්‍යාන බලධාරීන්ගේ මෙම ‘නරුම’ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි යැයි සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS