පතල් හිමිකරු එක රැයින් කෝටිපතියෙක්



ටැන්සානියාවේ කුඩා පතලක හිමිකරුවකුට එක රැයින් කෝටිපතියකු වීමට අවස්ථාව උදා වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සානිනූ ලෙයිසර් නමැති මෙම පතල් හිමිකරුවට වාසනාව උදා වී ඇත්තේ නිල් මැණික් දෙකක් හමුවීමෙනි. මෙම නිල් මැණික ‘ටැන්සනයිට්’ යනුවෙන් හැඳින්වෙයි. මෙම මැණික් ඇත්තේ ටැන්සානියාවේ පමණි.

සානිනූ ලෙයිසර් ට හමුවුණු නිල් මැණිකේ වටිනාකම ටැන්සානියා සිලිං බිලියන 7.74 කි. ඇමෙරිකන් ඩොලර්වලින් එම මුදල මිලියන 3.35 ක් යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

හමුවුණු එක් මැණිකක් කිලෝ ග්‍රෑම් 9.27 ක් ද අනෙක කිලෝ ග්‍රෑම් 5.103 ක් ද බරින් යුක්ත වූ බව පැවැසෙයි. ටැන්සානියාවේ ‘ටැන්සනයිට්’ මැණික් හමුවන්නේ එරට උතුරු දෙසින් පිහිටි මන්යාරා නමැති පළාතේය.

හේග් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS