නොගැලපෙන්න ඇදලා හිරේ



කාන්තාවන්ට නොගැලපෙන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ඇඳුම් ඇදගෙන සිට අප්‍රිකානු සහ ආසියානු කාන්තාවන් විසිදෙනකු ඕමාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගත් බව ඕමාන් පොලීසිය ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් කාන්තාවන්ට විරුද්ධ නීතිමය පියවර ගැනීම සඳහා අදාල බලධාරීන්ට භාර දුන් බවත් ඉන් පසු  ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

ඕමාන් දණ්ඩ නීතියේ 7/2018 අනුව මාසයකට වැඩි සහ මාස තුනකට නොඅඩු සිරදඩුවමක් සහ ඕමාන් රියාල් 300කට වැඩි 500කට අඩු දඩමුදලක් අය කරණු ලැබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS