නාසා නමක් සොයයි



අඟහරු මතුපිට ජීවය පැවැතියේදැයි සොයා බැලීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනය 2020 වසරේදී, රොබෝ රෝවර් යානයක් අඟහරු වෙත යැවීමට නියමිතය.

මෙම රොබෝ රෝවර් යානයට නමක් යොදා නොමැති අතර, ඊට සුදුසු නමක් යෝජනා කරන්නයි නාසා ආයතනය ඇමෙරිකාවේ මෙන්ම සෙසු රටවල ප්‍රධාන මෙන්ම පිළිගත් අධ්‍යාපන ආයතනවලට දන්වා ඇත.

ඒ අනුව, එම අධ්‍යාපන ආයතනවලට සම්බන්ධ සිසුන්ට රෝවර් යානයට නම් යෝජනා කළ හැකි අතර, නාසා ආයතනය වෙත එම නම් ලබා දීමට ලබන ඔක්තෝබර් 9 වැනිදා තෙක් කල් ලබා දී ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අඟහරු රෝවර් යානයක් යනු, අඟහරු මතුපිටට ගොඩබා අඟහරු මතුපිට සැරිසරමින් දත්ත සහ ඡායාරූප ලබා ගන්නා රොබෝ යානාවකි. මේ වනවිටත් නාසා ආයතනයේ මෙවැනි රෝවර් යානා අඟහරු මතුපිට ගවේෂණ කටයුතුවල නියැලෙමින් සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS