නවසීලන්ත ගඟකට පුරවැසි අයිතිවාසිකම්



නවසීලන්තයේ ‘වානූයි’ නමැති ගංගාව එරට පුරවැසියකු සේ සලකා, ඊට පුරවැසි අයිතිවාසිකම් ලබා දීමට නවසීලන්ත පාර්ලිමේන්තුව තීරණය කළේය.

‘වානූයි’ගංගාවට නවසීලන්ත පුරවැසියකුගේ අයිතිවාසිකම් හා සමාන තත්ත්වයක් ලබා දීම සිදු කෙරුණේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතක් සම්මත වීමෙන් පසුවය.

‘වානූයි’ ගංගාවට පුරවැසි අයිතීන් ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ නවසීලන්ත ආදිවාසීන් වන මෞරි වැසියන් මැදිහත්වීමෙනි.

වසර ගණනාවක් තිස්සේ කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස ‘වානූයි’ ගංගාවට මෙසේ පුරවැසි අයිතිවාසිකම් හිමිවුණු බව මෞරි වැසියෝ කියති. නවසීලන්තගේ ගංගා පුද්ගලයින් සේ සැලකීමටත් ස්වදේශීය මෞරි ගෝත්‍රික වැසියෝ අතීතයේ කටයුතු කළහ. මෞරිවරුන් ගංගාවක් සලකන්නේ ‘මේ ගංගාව මමයයි. මම මේ ගංගාවයි’ යන සංකල්පයකිනි. ඒ අනුව ගංගාවෙන් යැපෙමින්, එම ගංගාව පණ මෙන් ආරක්ෂා කිරීමටත් ඔවුහු කැපවී කටයුතු කළහ.

 (නිවුසීලන්ඞ් හෙලර්ඞ්)


RECOMMEND POSTS