දූපත බලාගන්න යුවළක් ඕනෑ



තමන්ට අයත් කුඩා දූපතක් බලාගෙන එහි ජීවත් වීමට කැමැති ප්‍රංශ ජාතික යුවළක් සොයන බව ප්‍රංශ රජය කියයි.

ප්‍රංශයට අයත් මෙම කුඩා දූපත පිහිටා ඇත්තේ බි්‍රතාන්‍යයට ඔබ්බෙන්ය. දූපත ක්වෙමෙන්ස් යනුවෙන් හැඳින්වෙයි.

මෙම දූපතේ කුඩා ගොවිපොළක් ඇති අතර, දූපතේ පදිංචියට යන යුවළට එය නඩත්තු කර ගනිමින් ජීවත් වීමට සිදුවෙයි.

මේ වනතුරු දූපතේ ජීවත් වූයේ ඬේවිඞ් සහ සොයිසික් කුසිනේ යුවළ සහ ඔවුන්ගේ දරු දැරියන්ය. ඔවුන් දූපතේ පදිංචියෙන් ඉවත් වී යළි ප්‍රංශය බලා යෑමට සූදානමින් සිටී.

දූපත බලාගෙන එහි ජීවත් වෙන්න යුවළක් සොයා ගැනීමට ප්‍රංශ රජයට සිදුවී ඇත්තේ එහෙයිනි.

(රොයිටර්)


RECOMMEND POSTS