දුර්ලභ ඝණයේ අශ්ව දිවිල්ලක්



චීනයේ ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේදී අශ්වයින් දහස් සංඛ්‍යාත පිරිසක් එකවර ධාවනයේ යෙදෙන අයුරු දැකගැනීමේ දුර්ලභ අවස්ථාවක් උදා වී ඇත.ඒ අශ්වයින් දහස් සංඛ්‍යාත පිරිසක් එකවර ධාවනයේ යෙදෙන අයුරු දැක්වෙන දසුන් දක්නට ලැබීමයි.

කෙසේ වෙතත් වයඹදිග චීනයේ ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ ඉලි අශ්ව අභිජනන මධ්‍යස්ථානයටනම් මෙය ආගන්තුක අත්දැකීමක් නොවේ.

ඒ ශීත ඍතුවේ සංචාරක කර්මාන්ත‍යේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්වලට සමගාමීව මෙවැනි ඉසව් සංවිධානය කිරීම හේතුවෙන් බව සඳහන්.දකුණුදිග ඉලි ගංගා නිම්නයේ පිහිටි ෂෝසු  (Zhaosu) ප්‍රදේශය අශ්වයින්ගේ ස්වර්ගයේ නිවහන ලෙස ප්‍රකටයි.

අශ්වයින් වෙනුවෙන් ඉදිකළ විශාල ඉස්තාල එහි පවතින නමුත් සතුන්ගේ ශරීර සෞඛ්‍යය උදෙසා එඩේරුන් කලාතුරකින් එම සතුන් මෙලෙස නිදහස් කිරීමට පියවර ගන්නා අතර එහි සෞන්දර්යය විඳ ගැනීමට සංචාරකයින් දැඩි කැමැත්තක් දක්වයි.

( තිළිණි ද සිල්වා)
චයිනා ටුඩේ ඇසුරෙනි.

RECOMMEND POSTS