දියණියගේ මඟුල දා තාත්තට හෙණ ගහලා



කැනඩාවේ නිව් බර්න්ස්වික් පළාතේ එළිමහනේ පැවැති මංගල උත්සවයකදී, මනමාලියගේ පියාට අකුණු සැර වැදීමේ පුවතක් වාර්තා වේ.

අකුණු සැර වැදුණු තැනැත්තා ජේ.පී. නාදෝය. මංගල උත්සවය පැවැත්වූයේ ඇපල් වත්තකය. එම අවස්ථාවේ, වැහිබර කාලගුණයක් පැවැතිණි.

ජේ.පී. නාදෝ රැස්ව සිටි අමුත්තන් අමතමින්, නව බෑණනුවන්ට සුබ පතන්න විය. ඒ, මක්‍රිෆෝනයක් ද අතැතිවය. අකුණු සැර වැසුණේ එම මයික්‍රෆෝනයටය.

එවිට ජේ.පී. නාදෝ ඈතට විසි වී ගොස් ඇද වැටුණේය. කම්පනයට පත් වුවත් ඔහුට කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද වාර්තා වේ. කෙසේ නමුත් අකුණු සැර වැදීමත් සමඟ මනාල යුවල පමණක් නොව, මංගල්‍යයට සහභාගී වූ සැවොම මහත් සේ තැති ගැනීමකට ලක් වූහ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS